මේ මස අගිදී චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ගෝල්ෆ් ක්‍රීඩක අනුර රොහාන්ට හා මළල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නට හිමි වී ඇත. අනුර රොහාන් 2002 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු තරගාවලියේ රිදී පදක්කම් ලාභි දක්ෂ ක්‍රීඩකයෙකි. ගයන්තිකා අබේරත්න මෙවර ආසියානු තරගාවලියේ මීටර් 800 හා 1500 ඉසව් නියෝජනය කරයි.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 62 ද ක්‍රීඩිකාවන් 34ක්ද එක් වීමට නියමිතය. තරගාවලිය වෙනුවෙන් සහභාගි වීමට නියමිතව සිටි යුපුන් අබේකෝන් මෙවර තරගාවලිය වෙනුවෙන් එක් නොවන බව නිළ වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලිය සැප්තැම්බර් මස 23 වනදා සිට ඔක්තෝබර් මස 8 වැනිදා තෙක් පැවැත්වෙයි.