අපි ශ්‍රී ලංකාව සුළුවෙන් තකන්නේ නෑ – දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු තරගය 7 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙයි. තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා සඳහන් කොට ඇත්තේ ඔවුන් මෙම තරගය කිසිවිටෙක සුළුවෙන් නොතකන බවයි.

2019 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩක පළමු තරග 4න් තුනක් පරාජයට පත්වීමත් සමඟ තුන් අප්‍රිකානු කණ්ඩායමට අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි විය. ඉන් උගත් පාඩම් සමගින් මෙම වසරේ ලෝක කුසලාන තරඟාවලිය සාර්ථක අන්දමින් ආරම්භ කිරීමට තම කණ්ඩායම බලාපොරොත්තු වන බව බවුමා ප්‍රකාශ කොට ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ප්‍රියතම කණ්ඩායම් දෙක ලෙසින් ඉන්දියාව හා එංගලන්තය නම් කළ බවුමා වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට ද ලෝක කුසලානය ජයග්‍රහණයට අවස්ථාවක් ඇති බවයි. ශ්‍රී ලංකාව මෑත ව කාලීනව ක්‍රිකට් පිටිය තුළ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද ශ්‍රේණිගතකිරීම් වල පහළ රැදෙන කණ්ඩායම් වලට එරෙහිව ක්‍රීඩා කිරීමේදී තම කණ්ඩායම ප්‍රවේශම් සහගතව ක්‍රීඩා කරන බව බවුමා වැඩිදුරටත් සඳහන් කොට ඇත. මෑත කාලීනව ක්‍රිකට් පිටියේ දැක් වූ දක්ෂතා මත ගොඩ නගා ගත් විශ්වාසය සමගින් තරගාවලිය ආරම්භයේ සිටම හොදින් දස්කම් දැක්වීමට එම කණ්ඩායම් බලාපොරොත්තු වන බව ඔහු විශ්වාස කරයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top