රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 3ක් ඊයේ දිනයේ දී හා අද අලුයම පැවැත්වුණා. ඊයේ දිනයය අදාළ පළමු තරගය වෙනුවෙන් තරග බිමට පිවිසියේ සැමෝවා රාජ්‍යය හා චිලී රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය තුළදී ලකුණු 19ට 10ක් ලෙසින් පෙරමුණ ගත්තේ සැමෝවා කණ්ඩායමයි. දෙවන අඅර්ධය තුළ දී තම ආධිපත්‍යයට තරගයට නතුකරගත් සැමෝවා ක්‍රීඩකයන් තවත් ලකුණු 24ක් රැස්කරද්දී ප්‍රතිවාදීන්ට එම අර්ධයේදී කිසිදු ලකුණක් රැස්කිරීමට නොහැකි වුණා. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 43ට 10ක් ලෙස ජයග්‍රහණය කිරීමට සැමෝවා කණ්ඩායම සමත් වුණා. සැමෝවා කණ්ඩායම උත්සාහක දිනුම් 5ක් ප්‍රවර්ථන 3ක් හා දඩුවම් පහර 4ක් සමගින් මෙම ලකුණු 43 රැස්කළා

ඊයේ දිනයට අදාළ දෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ වේල්සය හා පෘතුගාලයයි. මෙම තරගය ආරම්භයේ සිටම පෙරමුණ හිමිකර ගන්නට වේල්සය සමත් වූයේ සමත් වූයේ පළමු අර්ධය තුළ දී ලකුණ 14ට 3ක් ලෙස පෙරමුණ ගනිමින්. අනතුර දෙවන අර්ධයේදී ද දක්ෂ ලෙස ක්‍රීඩා කළ වේල්සය තවත් ලකුණු දාහතරක් රැස් කිරීමට සමත් වුණා. ප්‍රතිවාදී පෘතුගාල කණ්ඩායමට එම අර්ධය තුළ අර්ධ තුළදී උත්සාහක දිනුමක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු පහක් පමණයි. ඒ අනුව නියමිත කාලය අවසානයේ දී ලකුණු 28ට 8ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට වේල්සය සමත්වුණා. වේල්ස් ක්‍රීඩකයන් උත්සාහක දිනුම් හතරක් සහ එහි ප්‍රවර්තන හතර සාර්ථක කරගනිමින් මෙම ලකුණු 28 රැස්කළා.

ඊයේ දිනයට අදාළ තෙවන තරගය පැවැත්වූයේ ප්‍රබල අයර්ලන්ත කණ්ඩායම සමගින් ටොන්ගා රාජ්‍යය කණ්ඩායම අතරයි. පළමු අර්ධය තුළ දී දෙපිලම දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට සමත් වූ නමුත් අයර්ලන්ත කණ්ඩායම ලකුණු 31 ට 13ක් ලෙසින් තරගය පෙරමුණ හිමිකර ගැනීමට සමත් විය. දෙවන අර්ධය තුළ දී ටොන්ගා කණ්ඩායමට අභියෝග කළ අයර්ලන්තය තවත් ලකුණු 28 ක් රැස් කරද්දි ප්‍රතිවාදීන්ට රැස් කිරීමට රැස් කිරීමට අවකාශය හිමි වූයේ ලකුණු තුනක් පමණයි. හෙලෝ මෙම තරගය ලකුණු 59 ට 16ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත්වුණා. අයර්ලන්තය උත්සාහක දිනුම් අටක්, එහි ප්‍රවර්තන අට හා දඬුවම් පහරක් මගින් මෙම ලකුණු 59 රැස් කළා. තරගයේ වීරයා බවට පත්වූයේ උත්සාහක දිනුම් දෙකක් සම්පූර්ණ කළ අයර්ලන්ත ක්‍රීඩක Bundee Aki.