අයර්ලන්ත සීමිත පන්දුවාර නායකත්වය පෝල් ස්ටර්ලින්ට

පෝල් ස්ටර්ලින් අයර්ලන්තයේ සීමිත පන්දුවාර නායකයා ලෙස පපත්කොට ඇත. මින් පෙර අයර්ලන්ත සීමිත පන්දුවාර කණ්ඩායම් නායකත්වය හෙබවූ ඇන්ඩි බල්බර්නි ඉදිරියේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඔහුගේ භූමිකාව දිගටම ඉටුකරනු ඇත.

2023 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අයර්ලන්තය අපොහොසත් වීම හේතුවෙන් ටෙස්ට් නායකත්වයේ රැඳී සිටින බල්බර්නි ඉල්ලා සීමිත පන්දුවාර නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ස්ටර්ලින් 2008 වසරේ අයර්ලන්තය වෙනුවෙන් මංගල තරගය ක්‍රීඩා කිරීමෙන් පසුව මේ වන විට එක්දින තරග 156කදී ලකුණු 5,623ක් සහ විස්සයි20 තරග 131කදී ලකුණු 3,408ක් ලබාගෙන ඇත

33 හැවිරිදි ස්ටර්ලින් 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අයර්ලන්තය මෙහෙයවද්දී ඔහුගේ නායකත්වය යටතේ අයර්ලන්තය තරග 22කට ක්‍රීඩා කොට ඇත. පෝල් ස්ටර්ලින් 2027 දී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත මීළඟ එක්දින ලෝක කුසලානයට අදාළ තරගාවලි ආරම්භයේ සිට අයර්ලන්ත එක්දින කණ්ඩායම මෙහෙයවනු ඇත.

Back To Top