අලුත් වූ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම.

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක් උරුම කරදුන් ගබ්බා ටෙස්ට් තරගය ඊයේ දිනයේදී නිමාවට පත්විය. එම තරගයත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලේඛනයෙහි සුලු වෙනස්කම් කීපයක් සිදුව ඇත. තරගාවලියේ පළමු තරගය පමණක් ක්‍රීඩා කළ විරාට් කෝලිට එක් ස්තානයකින් පසුබසින්නට සිදුවී ඇත. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතරෙහි සිව්වැන්නා බවට පත් වද්දී මානස් ලබුශේන්ග් එහි තෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් විය.

ඊයේ තරගයේදි ජයග්‍රාහී ඉනීමක් දියත් කළ රිෂාබ් පාන්ට් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි 13වන ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත. ඒ අනුව එම ලේඛනයෙහි ඉහළින්ම රැදී සිටින කඩුලු රකින පිතිකරුවා වන්නේද පාන්ට්ය.

ඉන්දීය කණ්ඩා‍යම ජයග්‍රහණය කරා ගෙනයාමට දායක වූ චිටේෂ්වර් පුජාරාට නවතම ශ්‍රේණිගතකිරීම් අනුව හත්වන ස්ථානය හිමිවී ඇති අතර ශුබ්මන් ගිල් එහි 48වැන්නා බවට පත්ව ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ද්විත්ව ශතකයක් වාර්තා කළ එංගලන්ත නායක ජෝ රූට් ටෙස්ට් පිතිකරුවන් අතර පස්වැන්නා බවට පත්ව ඇත.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛයන් දසදෙනා

කේන් විලියම්සන් – 919
ස්ටීව් ස්මිත් – 891
මානස් ලබුශේන්ග් – 878
විරාට් කෝලි – 862
ජෝ රූට් – 783
බාබර් අසාම් – 781
චිටේෂ්වර් පුජාරා – 760
බෙන් ස්ටෝක්ස් – 752
අජින්ක්‍යා රහානේ – 748
හෙන්රි නිකලස් – 747

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුවන ස්ථානය කෙරෙහි අවධානය යොමු කරමු.

ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකල නායක දිමුත් කරුණාරත්නට ස්ථාන දෙකකින් පහළ බැසීමට සිදුවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කළ ලහිරු තිරිමාන්නට ස්ථාන 12කින් ඉදිරියට පැමිණ ඇති අතර කුසල් පෙරේරාද ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

– Creeda Sports Network –[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top