ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි.

තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි මෙරටට පැමිණීමට නියමිතය. ඒ අනුව මේ වන විට අබුඩාබි T10 තරගාවලිය වෙනුවෙන් එක්වී සිටින SSC ක්‍රීඩකයන් වන දසුන් ශානක, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක හෙට දිනයේදී එනම් දෙසැම්බර් මස 5වනදා මෙරටට පැමිණීමට නියමිතය.

පොලිස් ක්‍රීඩා සමාජ ක්‍රීඩක කුසල් පෙරේරා අවසන් මහා තරගයට සහභාගි වීම වෙනුවෙන් අනිද්දා දිනයේදී එනම් 6 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.