එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ජාත්‍යන්තර ලීග් T20 තරගාවලිය අතරතුරදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ 2023 IPL අවසන් තරඟයෙන් පසු සිදුවීමක් විස්තර කළේය. MS දෝනි සිදුකළ ප්‍රකාශය තීරණාත්මක බව මහීෂ් සදහන් කොට ඇත.

” අවසන් මහා තරගයෙන් පසු මටයි මතීෂටයි යන්න වුණා. අවසන් තරගයෙන් පසු පැවති සාදයෙන් අනතුරුව පිටත්ව යාමට සූදානම් වන විට, අපි දෝනි හමු වුණා. ඔහු මාව බදාගෙන කිව්වා, ‘ඊළඟ වතාවේ ඔයාට දැල් තුළ පන්දු යැවීමක් නැහැ. පිතිකරණය සහ පන්දු රැකීම පමණයි කියලා. “

පහුගිය අවුරුද්දේ මම පන්දු රැකීමෙන් එතරම් දක්ෂතා දැක්වූවේ නෑ. මම උඩපන්දු 4-5ක් අතහැරියා, මම ඒකේ වගකීම ගන්නවා. ඒ වුණත් ඔවුන්ට මා ගැන විශ්වාසයක් තිබුණා. ඔවුන් මාව අතහැරියේ නැහැ. ඒක නිසා එයා එක්ක සෙල්ලම් කරන්න ලේසියි. මිනිසුන්ට වැරදි වෙනවා කියලා ඔහු දන්නවා. ඔහු ක්‍රීඩකයන්ට දියුණු වීමට අවස්ථාව ලබා දෙයි. ඒක තමයි එයාගෙ තියෙන හොදම දේ”