අවස්ථාවක් හිමිවුණොත් උපරිමය ලබාදෙන්න ඇන්ජි සූදානමින්

[vc_row][vc_column][vc_column_text]තම ක්‍රිකට් දිවියේ අවසන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙය වන බැවින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් හිමි වුවහොත් තම උපරිමය ලබාදීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී සාමාජිකයා වන ඇන්ජලෝ මැතිව්ස් 2011, 2015 සහ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලි වලදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නමුත් පසුගිය කාල සීමාව තුළ එක්දින කණ්ඩායමේ ස්ථානය ඔහුට අහිමි විය. News wire වෙත අදහස් දක්වමින් ඇන්ජිලෝ මැතිවුස් මෙලෙස සදහන් කොට ඇත.

“මම ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් LPL තරඟාවලියේ පන්දු යැවීම ආරම්භ කළා. මේක මගේ අවසන් පන්දුවාර 50 ලෝක කුසලානය. ඒ නිසා කණ්ඩායම වෙනුවෙන් මාව තෝරාගත්තොත්, ලෝක කුසලානය ජයග්‍රහණය කරන්න මගේ අත්දැකීම් පාවිච්චි කරලා උපරිමය ලබා දෙන්න සූදානම්. මට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු විදියට LPL තරගාවලිය හොදින් කරා . මම මගේ පුහුණුව දිගටම කරගෙන යනවා.”[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top