අසිත ප්‍රනාන්දු එංගලන්තයේදී දස්කම් අතරට

[vc_row][vc_column][vc_column_text]

එංගලන්ත County තරගාවලියේ තරග කිහිපයක් පසුගිය 19 වනදා ආරම්භ වුණා. මෙම තරග රැසකට වර්ෂාව හරස් වන ආකාරය දැකගන්නට හැකි වුණා. තරගාවලියේ ලැන්කෂයර් කණ්ඩායම හා නොටින්ග්හැම්ෂයර් කණ්ඩායම අතර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ක්‍රීඩා කළා.

තරගයේ පළමු දින දෙකම වර්ෂාව හේතුවෙන් අතහැර දමද්දී තෙවන දිනය වූ ඊයේ දිනයේදී පන්දුවාර 69ක් ක්‍රීඩා කළා. එහිදී පළමුව පන්දුවට පහර දුන් ලැන්කෂයර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 225ක් රැස්කළා. එහිදී පන්දුවෙන් දස්කම් පෑ අසිත ප්‍රනාන්දු පන්දුවාර 15ක් තුළ නිලකුණු පන්දුවාර 6ක්ද සමගින් ලකුණු 32ට කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

එමෙන්ම වෝකෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහි තරගය වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු තරග බිමට පිවිසියේ ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින්. එහිදී ඔහුට එරෙහිව පන්දුවාර 22ක් තුළ නිලකුණු පන්දුවාර 2ක්ද සමගින් ලකුණු 77ක් ලබාගත්තද කඩුලු දවාගැනීමට විශ්වට නොහැකි වුණා. මෙම තරගයද පසුගිය 19 වනදා ආරම්භ වූ අතර එයටද වර්ෂාව හරස් වුණා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top