චීනයේ වුහාන් හී දී ලබන 18 වැනි දා සිට පැවැත්වෙන ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 13 ක් සඳහා ප්‍රභල කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.

එහි මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවේ.

නාවික හමුදාව නියෝජන කරමින් ගයන්තිකා අබේරත්නත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි, තාරිකා ප්‍රනාන්දු හා ඉෂාර සඳරුවන්ද, සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ද සහභාගී වනු ඇති.

මලල ක්‍රීඩා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්වනු ඇත.

18 සමන්විත මලල ක්‍රීඩා කණ්ඩායම

හිමාෂ ඒශාන් ,ඉෂාර සදරුවන් , තරිකා කුමුදුමාලි ප්‍රනාන්දු ,නිමාලි ලියනාරච්චි , ගයන්තිකා අඹේරත්න , ග්‍රේෂන් ධනංජය , නිලානි රත්නායක , සාරංගි සිල්වා , අරුණ දර්ශන , ජානක ප්‍රසාද් විමලසිරි
නදීෂා රාමනායක , සුමේධ රණසිංහ , විදූෂා ලක්ෂානි , උපමාලිකා රත්නකුමාරි , චානුක සංදීප, ෆසීල් උධයර්, නදීකා ලක්මාලි, මොහොමඩ් සෆාන්