ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පිට පිට තෙවන වරටත් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් වී ඇත. ෂාගේ සේවා දිගුව දෙවන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් යෝජනා කරන ලද අතර බාලි හිදී පැවති වාර්ෂික සම්මලේනයේදී එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

ජේෂා සභාපති ධූරය දරන සමයේදී ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් 2022 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය සහ 2023 ආසියානු කුසලාන එක්දින තරගාවලිය අති සාර්ථක අන්දමින් පවත්වන ලදී.

” ආසියානු ක්‍රිකට් මණ්ඩලයේ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් මම කෘතඥ වෙනවා. අපි තවමත් ළදරු අවදියේ පවතින කලාප කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් කැපවිය යුතුයි.” යනුවෙන් ජේ ෂා සදහන් කොට ඇත.

ෂාගේ මග පෙන්වීම යටතේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් බංග්ලාදේශය, ඉන්දියාව පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ක්‍රිකට් බලවතුන්ගේ නව දක්ෂතා සොයා ගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමට උපකාරී වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සම්මි සිල්වා සඳහන් කොට ඇත.