ආසියානු කුසලාන සුපිරි හතර වටය හම්බන්තොටට ?

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරග හම්බන්තොටට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි. වර්ෂාව හේතුවෙන් තරගාව්ලියට එල්ල වන බලපෑම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට නියමිත බව සදහන්.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතර තරග වටය සැප්තැම්බර් 6 වැනිදා එනම් අනිද්දා දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබුණි. එම තරග සියල්ල කොළඹදි පැවැත්වීමට සැලසුම් කොට තිබුණි. නමුත් මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් තරගාවලිය මෙලෙසින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට රැගෙන යාමට තීරණය කොට ඇත.

නමුත් පසුගිය වසර කිහිපයේ සැප්තැම්බර් මාසය තුළදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සාර්ථක අන්දමින් සීමිත පන්දුවාර තරගාවලි පැවැත්වීමට හැකිවිය. නමුත් පල්ලෙකැලේ පැවති ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2කටම වර්ෂාව හරස්වීම හමුවේ තරගාවලිය හම්බන්තොටට රැගෙන යාමට තීරණය කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top