චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 1500 තරග ඉසව්වේ T46 කාණ්ඩය යටතේ පැවති තරගය ජයග්‍රහණය කරමින්.

ප්‍රදීප් සෝමසිරි මෙම තරග ඉසව්ව අවසන් කිරීමට මිනිත්තු 5 තත්පර 5.14ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් විය. මින් පෙර එම වාර්තාව සටහන්ව තිබුණේ මිනිත්තු 4 තත්පර 10.60ක් ලෙසිනි. ඒ අනුව මෙම ඉසව්ව ජයගත් නුවන් ඉන්දික ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ දෙවන රන් පදක්කම දිනා දෙන්නට සමත් විය.