චීනයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් ඉන්දික අද දිනයේදී සමත් වුණා. ඒ මීටර් 100 තරග ඉසව්වේ T44 කාණ්ඩය යටතේ පැවති අවසන් මහා තරගය ජයග්‍රහණය කරමින්.

නුවන් ඉන්දික මෙම තරගය අවසන් කිරීමට තත්පර 11.63ක කාලයක් වැය කළ අතර එය නව ආසියානු පැරා ක්‍රීඩා තරගාවලි වාර්තාවක් බවටද පත් විය. මින් පෙර එම වාර්තාව සටහන්ව තිබුණේ තත්පර 11.87ක් ලෙසිනි. ඒ අනුව මෙම ඉසව්ව ජයගත් නුවන් ඉන්දික ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ පළමු රන් පදක්කම දිනා දෙන්නට සමත් විය.