ආසියානු ක්‍රීඩා තරගාවලියේ ගෙවුණු දින දෙක මළල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්නා. ඊයේ දිනයේ හෙල්ලල විසිකිරීමේ ඉසව්වේව රිදී පදක්කම දිනූ නදීෂා ලක්මාලි, අද දිනයේදී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න හා මීටර් 400 සහය දිවීමේ ඉසව්වල ලෝකඩ පදක්කම් දිනූ කාන්තා හා පිරිමි සහය දිවීමේ කණ්ඩායම් මෙලෙසින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය ඉදිරියේ ඔසවා තබන්නට සමත් වුණා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලීන් හා ආසියානු ක්‍රීඩා තරගාවලීන්හි ජයග්‍රහණය හිමිකරගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ත්‍යාග පිරිනමන බවට ක්‍රීඩා අමාත්‍යාංශය මින් පෙර නිකුත් කළ නිවේදනයක සදහන් වී ඇත. එම නිවේදනය අනුව මෙම ක්‍රීඩා තරගාවලි දෙක තුළ ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය යටතේ තරග වැදී රන් පදක්කම දිනාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 15ක මුදලක් පිරිනැමිය යුතුය. එමෙන්ම රිදී පදක්කම් ලාභියෙකුට මිලියන 10ක මුදලක්ද ලෝකඩ පදක්කම් ලාභියෙකුට මිලියන 5ක මුදලක්ද පිරිනමන බව එහි සදහන් කොට ඇත

මේ ආකාරයට ලබාදුනහොත් අද දිනයේදී රන් පක්කම දිනූ තරුෂි කරුණාරත්නට කෝටි 1.5ක මුදලක්ද නදීෂා ලේකම්ගේට කෝටියක මුදලක්ද ලෝකඩ පදක්කම් දිනූ සහය දිවීමේ කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවකටම මිලියන 5ක් බැගින්ද පිරිනැමිය යුතුය. ක්‍රීඩා අමාත්‍යාංශය ඔවුන්ට එම මුදල් ත්‍යාග පිරිනමාවිදැයි අපි බලා සිටිමු.