ඇෆ්ගනිස්ථානය හමුවේ පාකිස්තානයට අනපේක්ෂිත පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද දිනයේදී පැවැත්විණි. චෙන්නායිහි MA චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේදී මුණ ගැසුණේ ඇෆ්ගනිස්තානය හා පාකිස්තාන කණ්ඩායම් යුගලයි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 282ක් පමණි. එහිදී නායක බාබර් අසාම් පන්දු 92කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 74ක් රැස්කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆ්ක් ලකුණු 58ක් රැස්කළේය. ඉනීමේ අගභාගය වේගවත් කළ ඉෆ්තිකාර් අහමඩ් පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 4ක් සමගින් ලකුණු 40ක් රැස්කරද්දී ශඩාබ් ඛාන්ද ලකුණු 40කින් පාකිස්තාන ඉනීම ශක්තිමත් කළේය. ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නූර් අහමඩ් ලකුණු 49ට කඩුලු 3ක් ද නවීන් උල් හක් ලකුණු 52ට කඩුලු 2 ද දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 130ක් එක් කළහ.එහිදී ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 53කදී ලකුණු 65ක් රැස්කිරීමට සමත් විය.අගනා ඉනීමක් ක්‍රීඩා කළ ඊබ්‍රාහිම් සද්‍රාන් පන්දු 113කදී ලකුණු 87ක් රැස්කළේ හතරේ පහර 10ක් සමගිනි. තෙවන කඩුල්ලට පිටියේ එක්වූ රහ්මත් ශාහ් හා නායක හෂ්මටුල්ලා ශහීදි නොදැවුනු ලකුණු 96ක සබඳතාවක් ගොඩනගමින් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. රහ්මත් පන්දු 84කදී නොදැවී ලකුණු 77ක් ද හෂ්මටුල්ලා නොදැවී ලකුණු 48ක්ද රැස්කිරීමට සමත් විය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමගින් ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණෙන්නට සමත් වූහ.

Back To Top