ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් හි පැවති දෙවන ටෙස්ට් තරඟයේ තණතීරුව “අසතුටුදායක තණතීරුවක්” ලෙස ශ්‍රේණිගත කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කොට ඇත.

ICC තරඟ තීරක ක්‍රිස් බ්‍රෝඩ් කනස්සල්ල ප්‍රකාශ කරමින් සිය වාර්තාව ඉදිරිපත් කළ අතර නායක ඩීන් එල්ගර් සහ රෝහිත් ෂර්මා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව තණතීරුව ප්‍රමිතියෙන් අඩු බව නිර්දේශ වී ඇහ. එම තක්සේරුවෙන් අනතුරුව ක්‍රීඩාංගණයට එක් දඩුවම් ලකුණක් ලැබී ඇත.

මෙම සම්බාධකයට එරෙහිව අභියාචනා කිරීමට දින 14 ක කාලයක් ලබාදී ඇති අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වෙත මෙම වාර්තාව යොමු කර ඇත.

නිව්ලන්ඩ්ස් තණතීරුව පන්දුවට පහර දීමට ඉතා අපහසු වුණා. තරගය පුරාවටම පන්දුව ඉක්මනින් හා ඇතැම් විට තැතිගන්වනසුලු ලෙස ඉලිප්පීම නිසා පහරවල් ක්‍රීඩා කිරීමට අපහසු විය. පිතිකරුවන් කිහිප දෙනෙකුගේම අත්වැසුම්වල වැදී ඇති අතර, ඉලිප්පීම හේතුවෙන් කඩුලු රැසක් ද බිඳ වැටුණා” යනුවෙන් තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් සදහන් කොට ඇත.