ඒ දේ කරනකල් ඉන්දියාවට ලොකු තරගාවලි දිනන්න බෑ – ඉර්ෆාන් පතාන්

හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් විශ්වාස කරන්නේ මෙම වසරේ අගභාගයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය වැනි ICC තරඟාවලි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ඉන්දීය කණ්ඩායම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් කෙරෙහි අවදානය යොමු කළ යුතු බව යි.

ඉන්දියාවට ප්‍රබල පන්දු යැවීමක වැදගත්කම පැහැදිලි කරමින් ඉර්ෆාන් පතාන් ස්ටාර් ස්පෝර්ට්ස් පහත අදහස් දක්වා ඇත.

” ඔබට පිත්තෙන් තරමක් ආක්‍රමණශීලී වීමට සහ නිර්භීත මනසකින් ක්‍රීඩා කිරීමට බලපත්‍රය විස්සයි විස්ස ක්‍රිකට් වලින් ලබා දෙනවා. කෙසේ වෙතත්, පාකිස්තානයට එරෙහිව ඩුබායිහිදී සහ ඕස්ට්‍රේලියාවේදී එංගලන්තයට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව දැක්වූ දස්කම් සම්බන්ධයෙන් වඩා වැදගත් යැයි මට හැඟෙන දෙය, පන්දු යැවීම ශක්තිමත් කළ යුතුය. එහෙම කරනකම් අපිට ලොකු තරගාවලි දිනන්නේ නැහැ.”

” ඔබට කඩුලු දවා ගැනීමේ පන්දු යවන්නන් පස් දෙනෙකු සිටිය යුතු අතර අවම වශයෙන් ඔවුන්ගෙන් තිදෙනෙකුට-හතර දෙනෙකුට ඕනෑම අවස්ථාවක පන්දු යැවීමට හැකි විය යුතුය. විශේෂයෙන් සබඳතාවයක් බිදහෙලීමට අවශ්‍ය වූ විට එවැනි පන්දු යවන්නන් අවශ්‍යයි. එවැනි පන්දු යවන්නන් සොයා ගත හැකි නම් ලෝක කුසලානය වැඩි ඈතක නොවෙයි”

Back To Top