රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි සිව්වැන්නනා ලෙසින් රැඳෙන ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 71ට 3ක් ලෙස දැවැන්ත ජයක් ලබන්නට all blacks ක්‍රීඩකයන්ට හැකි වුණා.

අතර ගෙ ආරම්භයේ සිටම පාලනය සියතට ගත් නවසීලන්ත ක්‍රීඩකයන් තරගයේ දෙවන මිනිත්තුවේ දී දකුණු රැස් කිරීම ආරම්භ කළා. ඒ අනුව ඔවුන් පළමු අර්ධය තුළ දී උත්සාහක දිනුම් හයක් හා ප්‍රවර්තන හතරක් සමගින් ලකුණු 38ක් රැස්කිරීමට සමත්වුණා. ප්‍රතිවාදී නැමීබියා කණ්ඩායමට එම අර්ධය තුළ දී එක් දඬුවම් පහරක් සමගින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු තුනක් පමණයි.

දෙන අර්ධයේ දී ද තරගය සියතට ගත් නවසීලන්ත ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුම් පහක් හා ප්‍රවර්තන හතරක් සමගින් තවත් ලකුණු 33ක් නවසීලන්ත ලකුණු පුවරුවට එක්කර ගන්නට සමත් වුණා. නමුත් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට එම අර්ධය තුළදී කිසිදු ලකුණක් රැස් කිරීමට අවකාශය හිමි වුණේ නෑ. නියමිත කාලය අවසානයේ දී ලකුණු 71ට 3ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ඕල්බ්ලැක්ස් ක්‍රීඩකයන්ට හැකිවුණා. තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේ නවසීලන්ත ක්‍රීඩක කැම් රොයිගාඩ්.