කවුරුත් රොබින්ව ගත්තේ නැති උනොත් දෝනි එයාව ගන්නවා කීවා – රොබින් මින්ස්ගේ පියා

රොබින් මින්ස් IPL තරඟාවලි ඉතිහාසය වෙනස් කරන්නට පසුගියදා සමත් වූයේ IPL තරගාවලියකට තේරී පත් වූ පළමු ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙමිනි. රොබින් මින්ස් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරාගැනීම සම්බන්ධයෙන් රොබින් මින්ස්ගේ පියා ඉන්දීය මාධ්‍ය වෙත මෙලෙසින් අදහස් දක්වා ඇත.

” මට මහේන්ද්‍ර සිං දෝනිව දවස් කිහිපයකට කලින් රාන්චි ගුවන් තොටුපලේ දී මුණ ගැසුණා. ඔහු ඒ වෙලේ කිව්වා IPL වෙන්දේසියේදී කවුරුත් රොබින්ව ගත්තේ නැත්තං අපි ඔහුව ගන්නවා කියලා.”

මින්ස් එම්එස් දෝනිව අනුගමනය කරන අතර ඔහු 10 වසරේ විභාග සමත් වීමෙන් පසු ඔහුගේ අධ්‍යයන කටයුතු අත්හැර ඇත.ඔහුගේ පියා හමුදාවේ සේවය කර ඇති අතර වර්තමානයේ දී රාංචි ගුවන් තොටුපළේ ආරක්ෂක සේවකයෙකු ලෙසින් කටයුතු කරයි.

21 හැවිරිදි වියේ පසුවන මින්ස්ව ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ලංසු තැබීමේ යුද්ධයක් ඇති විය. ඔහුගේ මූලික මිල ඉන්දීය රුපියල් ලක්ෂ 20 න් ආරම්භ වූ අතර, කණ්ඩායම් දෙක අතර ඇති වූ ලංසු පොරය ඔහුව INR කෝටි 3.6 ක වටිනාකමක් දක්වා ගෙන ගියේය. එය ඔහුගේ මූලික වටිනාකම මෙන් 18 ගුණයකි.

Back To Top