ක්‍රිකට් තහනම නුදුරේදීම ඉවත් වන ලකුණු?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම එළඹෙන මාසය පමණ වන විට ඉවත් කිරීමට සූදානමක් පවතින බව ක්‍රීඩා ආරංචිමාර්ග තොරතුරු වාර්තා කොට ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනෙකු මේ දිනවල කොළඹ රැදී සිටින අතර ඔවුන් ඊයේ දිනයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ දිනයේදී පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි ගමන ගැන පැහැදිලි කොට ඇත. එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කරන ලද නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් පැමිණීමට නියමිත බව ද තොරතුරු වාර්තා වී ඇත.

Back To Top