ක්‍රීඩා ඇමතිවරයා ICC ප්‍රධානියෙක් හමුවෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනෙකු හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ දිනයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පණවා ඇති ICC තහනම පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇති අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සුභවාදී බලාපොරොත්තු රදවා ගතහැකි සාකච්ඡාවක් බවට එය පත් වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වී ඇත.

එමෙන්ම Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් පිරිස ඊයේ දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් ද සාකච්ඡාවකට එක්වී ඇත.

Back To Top