කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලක්මාතාව රිදියෙන් සරසයි.

[vc_row][vc_column][vc_column_text]

ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්විණි. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග බිමට අවතීර්ණ විය. මෙම තරගයෙන් ලකුණු 19ක ජයක් ලබාගනිමින් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වද්දී 2014 වසරට පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියකදී පදක්කමක් ලක්මාතාවට දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.

චීනයේ Zhejiang විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තාය. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116ක් පමණි. එහිදී ආරම්භක පිතිකාරිණිය වූ ස්ම්‍රිටි මන්දනා පන්දු 45කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් අගනා ලලකුණු 46ක් රැස්කරද්දී ඇයට මනා සහයක් එක් කළ ජෙමිමා රොඩ්‍රිග්ස් පන්දු 40කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 42ක් රැස්කළාය. සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව ඉක්මවන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ නොතැබීය. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝදනී, සුගන්ධිකා කුමාරි හා ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 3 ලකුණු 14කදී බිදවැටුනි. අනතුරුව පිටියට පිවිසි හසිනි පෙරේරා හා නිලක්ෂි ද සිල්වා සිව්වන කඩුල්ලට ලකුණු 36ක් එක් කරන්නට විය. එහිදී හෂිණි පෙරේරා පන්දු 22කදී හතරේ පහර 4ක් හා හයේ පහරක් සමගින් ලකුණු 25ක් ශ්‍රී ලංකා ඉනීමට එක් කිරීමට සමත් විය. අනතුරුව ඕෂධී රණසිංහ හා නිලක්ෂි ද සිල්වා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීමට වෑයම් කළද ඔවුන් දෙදෙනා දැවීයාමත් සමගින් ජයග්‍රාහී බලාපොරොත්තු සුන් විය. අවසන් පන්දුවාර හය තුළ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 49ක් අවශ්‍ය විය. නිලක්ෂි එක් හතරේ පහරක් හා හයේ පහරක් සමගින් ලකුණු 23ක් රැස්කොට සිටියදී දැවී ගිය අතර අවසන් පන්දුවාර 3හිදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 33ක් අවශ්‍ය විය. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 97ක් පමණි. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ 18 හැවිරිදි Titas Sadhu පන්දුවාර හතර තුළ එක් නිළකුණු පන්දුවාරයක් ද සමගින් ලකුණු 6කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. රාජේෂ්වරී ගයක්වාඩ් ලකුණු 19ට කඩුලු 2යි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top