ඉතියෝපියාවේ Tigist Assefa ඉරිදා දිනයේදී පැවති බර්ලින් මැරතන් තරඟය ජය ගනිමින් කාන්තා මැරතන් ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් විය. පසුගිය වසරේ තරගය ද ජයගත් අසේෆා මෙම තරගය නිමා කළේ පැය දෙකයි මිනිත්තු 11 යි තත්පර 53 කින්.

ඇය 2019 දී චිකාගෝහිදී පැවති මැරතන් තරගයේදී කෙන්යාවේ බ්‍රිජිඩ් කොස්ගේ විසින් පිහිටුවන ලද පැය 2 මිනිත්තු 14.04 වාර්තාව මෙලෙසින් සිය නාමය ඉදිරියේ ලියවාගන්නට සමත් විය. Assefa ගේ ජයග්‍රාහී කාලය බර්ලිනයේ පිහිටුවා ඇති 13 වන ලෝක වාර්තාව ලෙසින් ද ඉතිහාසගත විය.

“මම ගොඩක් සතුටු වෙනවා, මට මැරතන් ලෝක වාර්තාව බිඳ දැමීමට අවශ්‍ය වුණා. ඒත් එය 2:12 ට අඩු කාලයක් ලැබෙනු ඇතැයි මට හිතාගන්න බැරි වුණා. “