නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නව කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවක් හා යොවුන් තේරීම් කමිටුවක් පත්කොට ඇත.

ඒ අනුව නව යොවුන් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස විනෝදන් ජෝන් මහතා පත්කොට ඇත. එම තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වනුයේ දුමින්ද වික්‍රමසිංහ, හසන්ත ප්‍රනාන්දු, වරුණ වරාගොඩ සහ ෂේන් ප්‍රනාන්දු යන මහත්වරුන් ය.

හේමන්ත දේවප්‍රියගේ ප්‍රධානත්වයෙන් කාන්තා තේරීම් කමිටුව ශ්‍රීපාලි වීරක්කොඩි, රසාංජලී ද අල්විස්, නිල්මිණි ගුණරත්න සහ ජයමාලි ඉන්දිකා යන මහත්ම මහත්මීන් ඇතුළත් වී ඇත.