කාසිය වාසිය දිනූ විට, ඔවුන් පළමුව පන්දුවට පහර දෙයි කියලා අපි හිතුවේ – ශ්‍රෙයාස් අයියර්

ඊයේ දිනයේදී පැවති ලෝක කුසලාන තරඟයේදී ශ්‍රී ලංකාව මුම්බායි හි පැවති දැඩි උණුසුම් තත්වයන් යටතේ පන්දු යැවීමට ගත් තීරණය බොහෝ දෙනා මවිතයට පත් කළ අතර ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සදහන් කොට ඇත්තේ එය තමාට වාසනාව උදා කළ බවයි.

මෙම තරගයේදී ඉන්දියාව සිය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 357ක් රැස් කළහ. අපරාජිත සත්කාරක කණ්ඩායම පසුව ශ්‍රී ලංකාව ලකුණු 55 කට දවාගැනීමට සමත් වූ අතර, ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ට විදුලි ආලෝක තත්වය බෙහෙවින් උපකාරී විය.

“මම හිතන්නේ අපි වාසනාවන්ත වුණා. ඔවුන් කාසියේ වාසිය දිනූ විට, අපි සිතුවේ ඔවුන් පළමුව පන්දුවට පහර දෙයි කියලා. විශේෂයෙන් ඔබ වන්කඩේ වෙත පැමිණ මේවගේ විශිෂ්ට තණතීරුවක ක්‍රීඩා කරන විට සාමාන්‍යයෙන් ඔබ කරන්නේ එයයි.

” ඒ වගේම අපි තීරණය කරලා හිටියේ අපි කාසියේ වාසිය දිනුවොත් මුලින් පන්දුවට පහරදෙනවා කියලා. එය සැලැස්මට අනුව සිදු නොවූ නමුත් අපි වාසනාවන්ත වුණා.”

Back To Top