ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අද නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වුණා. මෙම ක්‍රීඩකයින් සිව්දෙනා පසුගිය වසරේ සිට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් දේශීය ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කළහ.

කුසල් ජනිත් පෙරේරා සහ චාමර සිල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, අශේන් බණ්ඩාර සහ නුවන් ප්‍රදීප් පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් පත්වීම් භාරගෙන ඇත.

පසුගියදා නිමාවට පත් වූ අන්තර් සමාජ පළමු පෙළ තුන්දින තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමට සමත් වූයේ ද ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයයි.