කුසල් පුහුණු තරගයෙන් ඉවතට ? පළමු තරගය ක්‍රීඩා කරන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]පසුගිය සිකුරාදා බංගලාදේශයට එරෙහිව පැවති ලෝක කුසලාන පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිස ආශ්‍රිතව ඇතිවූ ආබාධය බරපතල නොවන අතර ඔහු ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයේ සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සදහන් කොට ඇත.

 

 

ආබාධය බරපතල නොවන බව වාර්තා වී ඇති අතර කුසල් ජනිත් පෙරේරා සෙනසුරාදා ස්කෑන් පරීක්ෂණයකට යොමු කොට ඇත. ඔක්තෝබර් 7 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට පෙර ඔහු සුවය ලබනු ඇතැයි කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂා කරයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් කුසල් ජනිත් පෙරේරා ඔක්තෝබර් 03 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත පෙරහුරු තරගය සඳහා විවේක ගැන්වීමට නියමිතයි. ලෝක කුසලානයට පෙර උපරිම පුහුණුවක් ලබා ගැනීම බවත් ප්‍රධාන ඉලක්කය වන්නේ සියලුම ක්‍රීඩකයින්ට තරඟ අත්දැකීම් ලබා දීම බවත් පුහුණු තරග සම්බන්ධයෙන් අදහස් දක්වමින් කළමණාකාරීත්වය අදහස් දක්වා ඇත. කණ්ඩායමේ වෛද්‍ය කිරිඇල්ල විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව දිල්ලි හිදී පැවැත්වෙන පළමු තරගයට පෙර සියලුම ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සොයා බැලීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top