කොළබින් නුවරට විස්සයි විස්ස. දින වෙනසක් සමග

[vc_row][vc_column width=”2/3″][vc_column_text]සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පළමු පන්දුවාර 20 තරග දෙක මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. එහෙත් එම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන ඇත.

නවසීලන්තය, ශී‍්‍ර ලංකා තරග සංචාරයේදී ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරග 3 කට සහභාගි වීම සදහා නවසීලන්ත කණ්ඩායම අගෝස්තු 2 මෙරට පැමිණියා. පළමු ටෙස්ට් තරගය ලබන 14 වනදා ආරම්භ වන්නේ ගාල්ල කී‍්‍රඩාංගණයේදීයි. දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 22 වනදා කොළඹ පී සරා කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන 1 වනදා පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.

නව තරග කාලසටහන

දිනය තරගය ක්‍රීඩාංගණය
අගෝස්තු 8-10 තුන් දින පුහුණු තරගය හලාවත ක්‍රීඩා සමාජ පිටිය

අගෝස්තු 14-18 පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

අගෝස්තු 22-26 දෙවැනි ටෙස්ට් තරගය පී. සරා ක්‍රීඩාංගණය

අගෝස්තු 29 විස්සයි/20 පුහුණු තරගය හලාවත ක්‍රීඩා සමාජ පිටිය

සැප්තැම්බර් 01 පළමු විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

සැප්තැම්බර් 03 දෙවැනි විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය

සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය [/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top