බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ මෙල්බන් රෙනිගේඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරගත්හ.

ඒ අනුව පිටියට පිවිසෙන මෙල්බන් රෙනිගේඩ්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් පමණක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණයි. එහිදී ජෝජියා වරෙහැම් ලකුණු 47ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී අදත් චමරි අතපත්තු පන්දුවාර හතර තුළ ලකුණු 20ක් පමණක් ලබාදෙමින් එක් කඩුල්ලක් බිදහෙලන්නට සමත් විය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් චමරිගේ පිත්ත අදත් සක්‍රීය විය. ඒ අනුව ඇය පන්දු 54කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 13ක් හා හයේ පහර 2ක් සමගින් වේගවත් ලකුණු 80ක් රැස්කිරීමට සමත් වූයේ ප්‍රතිවාදීන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමිනි. සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය. ඒ අනුව පිට පිට දෙවන වරටත් මෙම තරගයේද වීරයා සම්මානයට පාත්‍ර වීමට චමරි අතපත්තු සමත් වූයේ තුන් ඉරියව්වවෙන් දස්කම් පාමින් කණ්ඩායම ජයමාවතට රැගෙන යාමට සමත් වූ නිසාවෙනි.