ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ ICC සම්මාන සදහා නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇත.

වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත සෙසු ක්‍රීඩිකාවන් වන්නේ එංගලන්තයේ සොපී එක්ලෙස්ටෝන්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිවුස් හා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා එලීස් පෙරී ය. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය වෙනුවෙන් ඉන්දියාවේ යසස්වි ජයිස්වාල්, දකුණු අප්‍රිකාවේ ජෙරඩ් කොට්සී හා නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර නිර්දේශ වී ඇත.

නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන්ගේ දස්කම්

Dilshan Madushanka (Sri Lanka)

31 ODI wickets at 24.06, economy 6.09
6 T20I wickets at 33.00, economy 12.37

Gerald Coetzee (South Africa)

10 Test wickets at 21.70, economy 3.87
31 ODI wickets at 23.22, economy 6.48
6 T20I wickets at 23.33, economy 10.50

Rachin Ravindra (New Zealand)

820 ODI runs at 41, Strike Rate 108.03, 18 wickets at 46.61, economy 6.02
91 T20I runs at 18.20, Strike Rate 133.82, 5 wickets at 32.80, economy 9.11

Yashasvi Jaiswal (India)

288 Test runs at 57.60
430 T20I runs at 33.07, Strike Rate 159.25

විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන්ගේ දස්කම්

Chamari Athapaththu (Sri Lanka)

470 runs and 8 wickets in 16 matches

Sophie Ecclestone (England)

23 wickets in 11 matches at 10.60

Hayley Matthews (West Indies)

700 runs and 19 wickets in 14 matches

Ellyse Perry (Australia)

319 runs and 6 wickets wickets in 14 matches