සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය.

24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ වන විට කඩුලු 30ක් දවාගැනීමට සමත් වී ඇත. එහිදී ඉනීමක හොදම පන්දු යැවීම ලෙසින් සටහන් වී ඇත්තේ ලකුණු 83කට කඩුලු 6ක් දවාගැනීමයි. පසුගිය වසරේදී බංග්ලාදේශ නැගීන එන කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී චාමික ලකුණු 58කට ප්‍රතිවාදී කඩුලු 9ක්ද දවාගැනීමට සමත් විය.

කොළඹ ආනන්ද විද්‍යාලය බිහිකළ 24 හැවිරිදි වේගපන්දු යවන්නා මේ දිනවල ක්‍රියාත්මක NSL තරගාවලියේ දී තරග 2ක් තුළදී කඩුලු 7ක් දවාගැනීමට සමත් වී ඇත. ඔහු අන්තර් සමාජ ක්‍රිකට් පිටිය තුළ NCC කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ වේගපන්දු යවන්නෙකි. අද දිනයේදී ටෙස්ට් වරම් ලද චාමික ගුණසේකරට Ceylon Sports අපි උණුසුම් සුබපැතුම් එක් කරනෙමු.