චිත්‍රපටිය ප්‍රවර්ධනයට මුරලි වැස්සේ ක්‍රිකට් ගසයි

[vc_row][vc_column][vc_column_text]

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මුම්බායිහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත. මුරලි වෙනුවෙන් නිර්මාණය වූ ‘800’ චිත්‍රපටිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මුරලිදරන් මෙලෙසින් වර්ෂාව මධ්‍යයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී ඇති බව එම මාධ්‍ය වාර්තා වල සදහන් වී ඇත. ANI වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මෙලෙසින් ප්‍රකාශ කොට ඇත.

” වැස්ස තිබුණත් මම විනෝද වුණා. හොද ප්‍රතිචාර ලැබීම ගැන මම සතුටු වෙනවා. මට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. මම ජාතීන් කිහිපයක් නියෝජනය කරනවා. එත් මගේ මුතුන් මිත්තන් මෙහෙ අය. ඒ වගේම මගේ බිරිඳත් ඉන්දියාවේ. ඒ නිසා බොහෝ දෙනා චිත්‍රපටිය දිහා බලන් ඉන්නවා. ඒක හොද චිත්‍රපටියක් කියල මම හිතනවා.

ඔස්කාර් සම්මාන ලාභී Sulmdog Millionaire චිත්‍රපටයේ නළු Madhurr Mittal මුත්තයියාගේ චරිතයට පණ පොවයි. මෙම චිත්‍රපටිය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ MS ශ්‍රීපති විසිනි. මෙම චිත්‍රපටිය ඔක්තෝබර් මස 6 වනදා දමිළ,තෙලිගු හා හින්දි භාෂා ත්‍රිත්වයෙන් නිකුත් කිරිමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top