ජාතික දැල්පන්දු ශූරතාවයට කණ්ඩායම් 33ක්

එළඹෙන ජනවාරි මස 20-21 දෙදින තුළ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 33ක් සහභාගි වීමට නියමිතය.

දැල්පන්දු සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා සදහන් කොට ඇත්තේ දැල්පන්දු ක්‍රීඩාව මෙරට තුළ ප්‍රචලිත කිරීමට වෙනුවෙන් ජාතික කණිෂ්ඨ තරගාවලියක් බදුල්ල හෝ කුරුණෑගලදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවයි.

එළඹෙන වසරේ දී පැවැත්වෙන කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගෙන මෙම තරගාවලි පැවැත්වෙයි.

Back To Top