ටෙස්ට් ක්‍රිකට් පිටියේ ස්මිත්ට, කෝලිට අභියෝග කරන කෝඩුකාර ලැබුශේන්!

[vc_row][vc_column][vc_column_text]අලු බඳුන ක්‍රිකට් තරඟාවලිය අතරතුර ජොෆ්‍රා ආචර් ගේ පන්දුවක් හමුවේ ස්ටීව් ස්මිත් ආබාධායකට ලක්වෙන තුරු ඔස්ට්‍රේලියානු සංචිතයේබංකු රත් කරන්නෙක් පමණක් වූ මාර්නස් ලැබුශේන් මේ වන විට ලොව හොඳම ටෙස්ට් පිතිකරුවා ලෙස හැඳින්වීමෙහි වැරද්දක් නැත!

2019 වසර අගෝස්තු මස වන විට ටෙස්ට් තරඟ 4ක් පමණක් ක්‍රීඩා කර ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල 85වන ස්ථානයේ සිටි අතිශය සාමාන්‍යක්‍රීඩකයෙක් වූ ලැබුශේන් මේ වන විට ටෙස්ට් තරඟ 14ක් ක්‍රීඩා කොට ඉනිම් 22කදී ලකුණු 1400ක් රැස් කර

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල හතර වන ස්ථානයේ රැඳීසිටි.

අලු බඳුන තරඟාවලියේ අර්ධ ශතක 4ක් රැස් කරමින් සිය ජාත්‍යන්තර තලයට අවතීර්ණ වූ ලැබුශේන් සිය මංගල ශතකය රැස් කලේපකිස්ථානයට එරෙහිව ගැබා ක්‍රීඩාංගණයේදීය.

එම ඉනිම ලකුණු 185කින් අවසන් කල ඔහු එයින් නොනැවතී දෙවන ටෙස්ට් තරඟයේදීද ලකුණු 135ක් රැස් කලේ කෙටි කලේ කෙටිකලකින් සියලුම පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක්, තර්ජනයක් එල්ල කරමිනි.

ඉන් පසු දෙසැම්බර් මස අග නවසීලන්තය හා ආරම්භ වුනු ටෙස්ට් තරඟාවලියේද සිය රිද්මය පවත්වාගත් ලැබුශේන් සිය තෙවන ටෙස්ට්ශතකයද වාර්තා කලේය.

ඒ අනුව 2019 වර්ශයේ ටෙස්ට් ලකුණු 1000 සීමාව පසු කල ලැබුශේන් එම සමත්කම කලේ ස්ටීව් ස්මිත්, විරාට් කෝලි, ජෝ රූට්, බාබර්අසාම්, කේන් විලියම්සන් වැනි ක්‍රීඩකයන්ට පවා නොහැකු වී පසුබිමකය.

2019 වර්ශයේදී තරඟ 11කදී ඉනිම් 17කදී ලකුණු 1104ක් රැස් කලේ 64.94ක අද්වීතීය සාමාන්‍යයක් රඳාවගනිමිනි.

2019 වර්ශයෙන් පමණක් නොනැවතී 2020 නව වසරක නව දශකයක ද සිය සුපුරුදු ක්‍රීඩා විලාසය ප්‍රදර්ශනය කල ලැබුශේන් 2020 වසරේක්‍රීඩකයෙක් රැස් කල පළමු අර්ධ ශතකය, ශතකයෙන්ද නොනැවතී ඔහුගේ සහ 2020 වසරේ මංගල ද්විත්ව ශතකයද වාර්තා කිරීමටසමත් විය.

ඒ පන්දු 363කදී දැවැන්ත ලකුණු 215ක් රැස් කරමිනි.

2019 වසරේ නොවැම්බර් මස සිට ඉනිම් 7කදී 150 + තුනක්, එක් ශතකයක් සහ එක් අර්ධ ශතකයක් සමඟ මේ වන විට 65.26ම ටෙස්ට්සාමාන්‍යයක් සතුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලැබුශේන් රජ කරමිනි සිටී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top