චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් අද දිනයේදී සමත් වුණා. ඒ සමිත F64 හෙල්ල විසිකිරීමේ ඉසව්ව යටතේ තරග බිමට පිවිසෙමින්.

මෙම තරගය F64 කාණ්ඩයෙන් පැවති අතර එහිදී F64, F63, F44, F43 යන කාණ්ඩවල ක්‍රීඩකයන් ද තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී විය. සමිත මෙහිදී රිදී පදක්කම හිමි කරගත්තද ඔහුගේ කාණ්ඩය වන F44 හි තරගාවලි වාර්තාව පිහිපිහිටුවීමට සමත් වූයේ මීටර් 64.09 ක දක්ෂතාවක් පෙන්වමිනි.