ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග නමයක් අද දිනයේදී පැවැත්වුණා. නමුත් මෙම තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරග සියල්ලම ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.අද දිනයේ පැවති තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරමු.

ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත් තරඟයේදී කුරුණෑගල යුත් පිල වෙනුවෙන් සනෝජ් ධර්ශික ලකුණු 64ක් රැස්කළ අතර ටැමිල් යූනියන් ක්‍රීඩක දිලුම් සුදීර ලකුණු 35ට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා. කුරුණෑගල යූත් පිල පන්දුවාර 42කදී කඩුලු 7කට ලකුණු 160ක් රැස්කර නමුත් තරගය අතහැර දැමුණා. සෙබස්‍තීයනයිට්ස්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවත තරඟයේදී කෝල්ස් ක්‍රීඩක අකිල ධනංජය ලකුණු විස්සට කඩුලු තුනක් දවාගත්තා. මෙම තරගයේදී පන්දුවාර 35 පන්දු 5ක් ක්‍රියාත්මක වූ අතර එහිදී සෙබස්‍තීයනයිට්ස්ස් ක්‍රීඩකයන් කඩුලු 5කට ලකුණු 114ක් රැස්කළා.

පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව තරගයේදී රාගම ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 248ක් රැස් කළා. එහිදී ජනිත් ලියනගේ පන්දු අසූ තුනකදී ලකුණු 76ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදීසුපුන් මදුශංක ලකුණු 61කට කඩුලු තුනක් දවා ගත්තා. යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරඟයේදී නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලහිරු ගමගේ ලකුණු 22 ට කඩුලු තුනක් දවා ගත්තා.

එස්.එස්.සී ක්‍රීඩා සමාජය හා කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ ලකුණු 300 සීමාව ඉක්මවන්නට SSC ක්‍රීඩකයන් සමත් වුණා. ඔවුන් නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 301ක් රැස්කිරීමට සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රිෂාන් සංජුල පන්දු එකසිය දහසයකදී හතරේ පහර හතක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 93 රැස්කළා. ශ්‍රී ලංකා විසයිස නායක දසුන් ශානක පන්දු 35කදී හතරේ පහරක් හා හයේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 68ක් රැස්කිරීමට සමත් වුණා. කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම වෙනුවෙන් මිතුන් ජයවික්‍රම ලකුණු හතළිස් හතට කඩුලු තුනක් දවාගත්තා. BRC කණ්ඩායමට එරෙහිව පැවති තරඟයේදී පානදුර ක්‍රීඩා සමාජයේ රමින්ද වීජේසූරිය ලකුණු 69ක් නොදෙවී රැස්කළා. එම තරඟයේදී පන්දුවෙන් දස්කම් පෑ මොහොමඩ් ශිරාස් ලකුණු විසි එකට කඩුලු තුනක් දවාගත්තා.