තවත් අතිරේක වේගපන්දු යවන්නෙකු ලෝක කුසලාන සංචිතයට

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් ශ්‍රි ලංකා සංචිතය සමගින් එකතු වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ මුම්බායිහිදී සිය පුහුණුවීම් වල නිරත වන අතර එහිදී ප්‍රමෝද් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එකතු වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ Traveling reserve ක්‍රීඩකයන් හෙවත් අතිරේක ක්‍රීඩකයන් ලෙසින් දසුන් ශානක හා ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායම සමගින් රැදී සිටියි. ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් චාමික කරුණාරත්න පමණක් අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් රැගෙන ගිය අතර දසුන් ශානක ආබාධයට ලක්වීම හේතුවෙන් ඔහුව මූලික සංචිතයට කැදවීය.

ඉන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර දත්තයක ක්‍රීඩකයන් ලෙසින් ශ්‍රී ලංකා සංචිතයට එක්කරගත් අතර මතීෂ පතිරණ සහ ළහිරු කුමාර ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මැතිව්ස් හා චමීර අවසන් ක්‍රීඩකයන් 15 අඅතරට ඇතුළත් කෙරිණි.

Back To Top