මෙම මස අගදී චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තමා සහභාගී නොවන බවට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර සුපුන් අබේකෝන් සඳහන් කොට ඇත. ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් සඳහන් කොට ඇත්තේ ඔහුට ආසියානු තරගාවලිය අහිමිවන බවයි

මීට මාස 3කට පෙර සැවෝනාහිදී පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලිය අතරතුර යුපුන් ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් ඔහුට පසුගිය අගෝස්තු මස පැවති ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය ද අහිමිවිය. ආසියානු ක්‍රීඩා තරගාවලිය ආරම්භයට තවත් කෙටි කලක් පවතින බැවින් ඊයේ දිනයේ දී ඔහුව අවසන් තත්ව පරීක්ෂණයට භාජනය කෙරිණි. නමුත් ආසියානු කුසලාන පදක්කමක් ජයග්‍රහණය සඳහා අපේක්ෂිත කාල ගණනයක් වාර්තා කිරීමට නොහැකි වීම හමුවේ යුපුන් මෙම තීරණය ගත් බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කොට ඇත.

එළඹෙන වසරේ පැරිස් හිදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය තමාගේ ප්‍රධානම බලාපොරොත්තුව බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය පුහුණුවීම් සහ ප්‍රතිකාර ලබා ගැනීම තව දුරටත් සිදු කරගෙන යන බවත් ඔහු සඳහන් කොට ඇත. ඉදිරියේදී ආසියානු හා දකුණු ආසියාන තරඟාවලින්ට සහභාගී වී ලංකාවට ජයග්‍රහණය ගෙන ඒමටද තමා බලාපොරොත්තු වන බව ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.