දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.

චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් තුනක් දිනා ගත් ඩිල්ශි කුමරාසිංහ මීටර් 400 හා 800 ඉසව් සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනාගත් අරුණ දර්ශන මීටර් 400 ඉසව්වටත්, රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කම දිනාගත් ලක්ෂිකා සුගන්ධී මීටර් 60 කඩුලු හා පංච ප්‍රයාම තරග සඳහාත්, රන් පදක්කම් දෙකක් දිනාගත් නිලානී රත්නායත මීටර් 1500 හා මීටර් 3000 ඉසව්වලටත්, මීටර් 800 රන් පදක්කම දිනාගත් ඉඳුනිල් හේරත් එම ඉසව්වටත් සහභාගීවීමට නියමිතය.

මේ අතර, තුන්පිම්ම හා දුර පැනීමෙන් රන් පදක්කම් දිනාගත් හෂිනි බාලසූරිය හා සාරංගී සිල්වා එම ඉසව් දෙකට සහභාගීවනු ඇති.

එසේම, කාලවේලාව අනුව මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට ද කණ්ඩායමක් සහභාගී කරවීමට අවධානය යොමුව තිබේ. පසුගිය වර ඉරානයේ දී පැවැති තරගාවලියේදී, කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූයේ කණ්ඩායම් 4 ක් පමණක් වීම හේතුවෙන්, ඉදිරිපත් කර ඇති ක්‍රීඩිකාවන් අතරින් සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් ද පවතී.

Team

Men:
Aruna Darshana – 400m
Indunil Herath – 800m

Women:
Dilshi Kumarasinghe – 400m, 800m
Sarangi Silva – Long Jump
Hashini Balasooriya – Triple Jump
Lakshika Sugandhi – 60m hurdles, Pentathlon
Nilani Rathnayaka – 1500m, 3000m