දික්වැල්ල සහා ලක්මාල් ශ්‍රී ලංකා ඉණිම ගොඩනගයි

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන සිටියේය. 161/7ක් ලෙස අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා පිලට නැවත ජවයක් එක කරමින් දික්වැල්ල සමග එක් වූ සුරංග ලක්මාල් නොබිදුනු ලකුණු 68ක අගනා සබඳතාවයක් ගොඩනගිමින් ශ්‍රී ලංකා ඉනිම යම් කිසි ස්ථාවරත්වයකට ගෙන අවේය.

දිනය ආරම්භයේ 203-5 ලෙස සිය ඉනිම ආරම්භ කල නවසීලන්ත පිතිකරුවන්ට පිටියේ රැඳී සිටීමට කිසි අවස්ථාවක් නොදී දිනයේ දෙවැනි පන්දුවෙන්ම ලකුණු 86ක් ලබා සිටි රෝස් ටේලර් ව දවාගැනීමට සුරංග ලක්මාල් සමත් වුහ.

ඉන් නොනැවතුනු සුරංග ලක්මාල් පන්දුවාර තුනකින් අනතුරුව යලි ක්‍රියාත්මක වෙමින් මිචෙල් සැන්ට්නර් ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත් විය.නවසීලන්ත අට වෙනි කඩුල්ල ලෙස ටිම් සවුතී දුවද්දී දැවී යද්දී නවසීලන්ත ලකුණු පුවරුව 222/8ක් ලෙස සටහන් වූ අතර උදෑසන කාලය නවසීලන්තයට එතරම් සුභදායක නොවන බව යලි යලි පසක් විය.සුරංග ලක්මාල්ගේ පන්දුව යලි ක්‍රියාත්මක වෙමින් නවසීලන්ත අවසාන කඩුලු දෙක ලබාගනිමින් නවසීලන්ත පසු පෙල සුනු විසුණු කලේ තම නමට කඩුලු හතරක් ලකුණු 29 ට සිය නම ඉදිරියේ සටහන් කරගැනීමට සමත් විය. අකිල ධනංජය ලකුණු 80කට කඩුලු 5ක් දවා ගත්හ.

දිවා ආහරයට පැයක් තිබියදී නවසීලන්ත ඉනිමට පිලිතුරු ලෙස ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන ලහිරු තිරිමාන්න සහ නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 27ක් එකතු වෙද්දී වගකීම් විරහිත පහරක් කරා යාමට ගොස් තිරිමාන්න ලකුණු 10ක් ලබා දැවී ගියේය.නායක දිමුත් කරුණාරත්න ට ද දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට නොදුන් අජාස් පටෙල් ලකුණු 39කට දවා ගැනීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියේ එක්වුනු මෑත කාලයේ සාර්ථකම පිතිකරුවන් දෙපල වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 77ක සබඳතාවයක් ගොඩ නැගුවේය.දෙදෙනාම සාර්ථකව ක්‍රීඩා කර අර්ධ ශතක ලබාගත්තද එම ඉනිම් දිගු ඉනිම් ලෙස පරිවර්තනය කරගැනීමට අපොහොසත් වී කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් පිලිවෙලින් ලකුණු 53කට සහ 50කට දවාලීමට අජාස් පටෙල් සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම තවදුරටත් අසීරු අඩියක හෙලමින් කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වාට ලකුණු 10 සීමාව පවා පසු කර යෑමට ලබා නොදුන් නවසීලන්ත පන්දු යවන්නනන් ඔවුන් දෙදෙනාම යලි ක්‍රීඩාගාරයට හරවා යවන ලදි.

161/7 ලෙස ඉතා අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ඉනිමට යලි ජීවයක් එක් කල සුරංග ලක්මාල් සහ නිරෝශන් දික්වැල්ල දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 227කට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඔසවා තැබීය.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top