දෙවැනි පුහුණු තරගයෙන් කොදෙව්වන්ට ජය

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි පුහුණු තරගය පැවැත්වුණේ කටුනායකදීයි. තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ලහිරු තිරිමාන්න විසින්.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 276 ක්. වැඩිම ලකුණු ලාභියාවූ මිනෝද් භානුක ලකුණු 69 ක් රැස් කළ අතර රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 64 යි. පන්දු 63 කදී ගොඩනැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්.අසේල ගුණරත්න ලකුණු 47 ක් රැස් කළා. පැතුම් නිශ්ෂංක ලකුණු 41 යි. පන්දු යැවීමේදී කීමෝ පෝල සහ රොස්ටන් චේස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ලෙස කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 46 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 277 ක් රැස් කරමින්. රොස්ටන් චේස් ලකුණු 136 ක් රැස් කළේ පන්දු 113 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට 4 පහර 16 ක් සහ 6 පහරක් ඇතුලත්. ෂායි හෝප් ලකුණු 85 ක් රැස් කළා. ඒ අනුව කොදෙව් කණ්ඩායම තරගය ජය ගත්තේ කඩුලු 4 කින්.

තරග 3 කින් සමන්විත කොදෙව් – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදීයි.

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top