ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ වෙනුවෙන් ගිවිසුම්ගතවී ඇත. ඒ අනුව ඔහු එළඹෙන තරගවාරය වෙනුවෙන් Durdanto Dhaka කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත

32 හැවිරිදි වියෙහි පසුවන ධනුෂ්ක ගුණතිලක අවසන් වරට විස්සයි විස්ස තරගයකට ක්‍රීඩාකොට ඇත්තේ 2022 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දීය. විස්සයි විස්ස තරග 130කට ක්‍රීඩා කොට ඇති ධනුෂ්ක ලකුණු 2915ක් රැස්කොට ඇත්තේ 127ක ප්‍රහාරාත්මක වේගයක් ද සමගිනි.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන ජනවාරි මස 19 වනදා සිට මාර්තු 1 වනදා තෙක් පැවැත්වෙයි. ලසිත් ක්‍රෝස්පුල්ලේ, ධනුෂ්ක ගුණතිලක ඇතුලු ගිවිසුම් ගත වූ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් NOC නිකුත් කොට නොමැති අතර ඉදිරියේ දී එය නිකුත් කිරීමට නියමිත ය.