නවසීලන්ත ඉනිම අකිල වනසන විට රෝස් ටේලර් හුදෙකලා සටනේ

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්වය නිසා නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටි අතර රෝස් ටේලර් නොදැවී ලකුණු 86ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කරමින් සිටියේය.

දීප්තිමත් කාලගුණ තත්වයක් යටතේ උදෑසන කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ටොම් ලැතම් සහ ජීට් රාවල් ස්ථාවර ආරම්භයක් ලබාගත්තේය.
දිවා ආහාර විවේකයට සුලු මොහොතක් තිබියදී ස්ථාවරව කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු යුගලයෙන් ටොම් ලැතම්ව ලකුණු 30කට දවාගැනීමට අකිල ධනංජය සමත් වූ අතර ඉන් පන්දු තුනක් යෑමට මත්තෙන් නවසීලන්තයේ ප්‍රධානතම පිතිකරු නායක කේන් විලියම්සන් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට අකිල සමත් විය.
ඉන් නොනැවතුනු අකිල යලි ක්‍රියාත්මක වෙමින් තමන්ගේ Wrong’un පන්දුවේ ගොදුරක් ලෙස ලකුණු 33ක් ලබාගෙන සිටි ජීට් රවාල්ව ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුනේය.

දිවා විවේකය වන විට කඩුලු 3ක් දැවී ලකුණු 71ක් ලබාගෙන අසීරු අඩියක සිටි නවසීලන්ත කණ්ඩායමට යලි ජවය එක් කරමින් ලකුණු 100ක සබඳතායක් ගොඩනැගීමට රෝස් ටේලර් සහ හෙන්රි නිකලස් සමත් විය.
171-3 ලෙස ස්ථාවර මට්ටමක සිටි නවසීලන්ත ලකුණු පුවරුවට තව කඩුල්ලක් එක් කිරීමට යලි ක්‍රියාත්මක වූ අකිල ධනංජය දිනයේ අත්‍යවශ්‍යම මොහොතේ සිය සිව්වන කඩුල්ලද ලබාගත්තේ ලකුණු 42ක් ලබා සිටි හෙන්‍රි නිකලස් ව දවාගනිමිනි.

නැවත නැවතත් අද දිනය තමන්ගේ දිනය යැයි පසක් කරමින් සිය 5 වෙනි කඩුල්ල ලබාගැනීමට අකිල ධනංජය සමත් වුනේ සිව්වැනි කඩුල්ලෙන් අනතුරුව ලකුණු 10ක්වත් එක්වීමට ප්‍රථම BJ වොට්ලින්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමිනි.

තේ පානයෙන් අනතුරුව ගාලු ක්‍රීඩාංගණය අවට කාලගුණ තත්වය යහපත් නොවූ අතර අයහපත් කාලගුණය නිසා තරගය නවත්වන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටියේය.

හෙට දිනයේ උදෑසනම රෝස් ටේලර්ගේ කඩුල්ල ශ්‍රී ලංකාව ලබාගත යුතුම කඩුල්ලක් වනු ඇති අතර ලකුණු 300 සීමාව පසුකිරීම කිවියන්ගේ එකම බලාපොරොත්තුව වෙනු ඇත.

නවසීලන්තය පළමු ඉනිම – ලකුණු 203 කඩුලූ 05 ක් දැවී (රොස් ටේලර් 86*, හෙන්‍රි නිකලස් 42, අකිල ධනංජය 5/57)

හෙට තරගය පෙරවරු 9.45ට ආරම්භවේ ![/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

Back To Top