ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර එළඹෙන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගය වෙනුවෙන් ද මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී ඇත. එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්‍රා ආචර් වෙනුවට නුවන් තුෂාර මෙලෙසින් මුම්බායි කේප්ටවුන් කණ්ඩායම සමගින් ගිවිසුම්ගතවී ඇත

පසුගිය දා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 4.8ක මුදලකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිළදී ගනු ලැබූ පසුබිමක තුෂාරව මුම්බායි කේප්ටවුන් කණ්ඩායමටද එක් කොටගෙන ඇත.

SA 20 ලීග් තරගාවලිය එළඹෙන ජනවාරි මස 10 වනදා ආරම්භ වීමට නියමිතය. මුම්බායි කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ජනවාරි මස 11 වනදා පැවැත්වෙයි. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ මූලික සංචිතයට නුවන් තුෂාර ඇතුළත් බැවින් ඔහුට මුල් තරග කිහිපය මගහැරීමට වැඩි ඉඩක් පවතී.