ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී පැවැත්වෙනවා. තරගාවලියේ මළල ක්‍රීඩා ඉසව් ත්‍රිත්වයක අවසන් මහා තරග වෙනුවෙන් අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.

මීටර් 800 කාන්තා තරග ඉසව්වේ අවසන් මහා තරග අද මෙරට වේලාවෙන් පස්වරු 4.55ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි වීමට නියමිතය. ඒ තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්නයි. අවසන් මහා තරගයට එක්වන ක්‍රීඩිකාවන් අතුරින් හොදම Season Best අගය සහිත ක්‍රීඩිකාව වනුයේ තරුෂි කරුණාරත්නයි. අද දිනයේදී ඇය පිළිබඳව පදක්කම් බලාපොරොත්තුවක් තැබිය හැකිය.

එමෙන්ම අද දිනයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද මීටර් 400 සහය දිවීමේ ඉසව්ව වෙනුවෙන් සහභාගි වීමට නියමිතය. එම තරගය අද පස්වරු 5.45ට ආරම්භ වීමට නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායමද අද දිනයේදී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. එම තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 6.05ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා පැවති මූලික වටය වෙනුවෙන් කාලිංග හා අරුණ සහභාගි නොවූ අතර අද දිනයේදී ඔවුන් දෙදෙනා අද දිනයේදී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම ඉසව් දෙකෙ ද ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු තැබිය හැකි ඉසව් 2කි.