ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිවයින පුරා පාසල් 22කට පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා දීම සිදු කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බෙදා හැරීම සිදු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා මහතා සහ තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි විය.

පන්දු යැවීමේ යන්ත්‍ර ලබා දුන් පාසල්
රාජකීය විද්‍යාලය
ඩී.එස්. සේනානායක විද්‍යාලය
ලුම්බිණි විද්‍යාලය
මොරටු විද්‍යාලය
ඉසිපතන විද්‍යාලය
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය
ද මැසනොද් විද්‍යාලය, කඳාන
ශාන්ත. අන්තෝනි විද්‍යාලය, වත්තල
ගුරුකුල විද්‍යාලය, කැලණිය
ශාන්ත. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
ශාන්ත. සෙබස්තියන් විද්‍යාලය, කටුනේරිය
රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ
මලියදේව විද්‍යාලය, කුරුණෑගල
ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
ශාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර
ධර්මරාජ විද්‍යාලය, මහනුවර
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර
ශාන්ත තෝමස් විද්‍යාලය, මාතර
දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
හෝලි ක්‍රොස් විද්‍යාලය, කළුතර