සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහභාගි නොවන බවට නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ පැතුම් නිස්සංක මේ වන විට ඩෙංගු රෝගී තත්වයට ගොදුරු වී තිබීම හේතුවෙනි.

පැතුම් නිස්සංක වෙනුවට නවක පිතිකරුවෙකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කොට ඇත. ඒ අනුව යොවුන් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇත.

ශ්‍රී ලංකා සංචිතයට මේ වන විට ආරම්භක පිතිකරුවන් ලෙසින් ඇතුළත් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු හා නුවනිදු ප්‍රනාන්දුයි. සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු තරගයේදී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනීම ආරම්භ කරනු ඇත.