පැරාලිම්පික් ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්, සිය පෙම්වතිය වන රීවා ස්ටීන්කැම්ප් ඝාතනය කර වසර 11කට පමණ පසු දකුණු අප්‍රිකානු සිරකඳවුරකින් නිදහස් කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇත.

වසර 13කට වැඩි සිරදඬුවම් කාලයෙන් අඩක් නිමාවට පත් වී ඇති පසුබිමක දී ඔස්කා ප්‍රිස්ටෝරියස් සිය නිවසෙහි රැදී සිටින බවට BBC මාධ්‍ය වාර්තා කොට. ඝාතනයට ලක්වූ ඇස්ටීන්කැම්ප් ගේ මව සදහන් කොට ඇත්තේ හිටපු මලල ක්‍රීඩකයා නිදහස් කිරීමේ තීරණය ඇය අනුමත කළ බවයි. නමුත් ඇයගේ පවුල “ජීවිත සිරදඬුවමක් විඳිමින් සිටින” අය සදහන් කොට ඇත.

2012 වසරේ පැවති ඔලිම්පික් තරගාවලිය නිමාවට පත් වී මාස කිහිපයකට පසුව සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔස්කා ප්‍රිස්ටෝරියස්ට චෝදනා එල්ල විය. 37 හැවිරිදි පිස්ටෝරියස් පසුව කියා සිටියේ තමා ඇයව රාත්‍රියේ සොරෙකු ලෙස වරදවා වටහා ගත් බවයි.

අභියාචනාධිකරණයක් විසින් සාපරාධී මිනීමැරුමක් හෝ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මීට පෙර ලබා දුන් තීන්දුව අවලංගු කිරීමෙන් පසුව 2015 දී පිස්ටෝරියස් මිනීමැරුම් චෝදනාවට වරදකරු විය.