සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් උණුසුම් කාලගුණික ක්‍රිකට් පුහුණුවක් ලබා ගැනීම සඳහා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප්‍රධාන පුහුණුකරු, ජේසන් කෙර් පැවසුවේ, හොඳ පරිසරයක් තුළ දැඩි පුහුණුවක් සිදු කිරීම සඳහා කණ්ඩායම සති දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි.

” ශීත ඍතුවේ දී තණකොළ මත පුහුණු වීමට හැකි වීමයි කදිම අවස්ථාවක්, නමුත් පිරිවැය අනුව අපට එය මෙහි ළඟා කර ගත හැකි දෙයක් නොවෙයි. කෙසේ වෙතත්, Lions Sports Travel වෙත ස්තුතිවන්ත වන්නට මෙම අවස්ථාව උදා ව්ව්ලා තිබෙනවා, එබැවින් තෝරාගත් ක්‍රීඩකයින් පිරිසක් සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ ගත කිරීමට නියමිතයි.”

අලුත් තරගවාරය වෙනුවෙන් ක්‍රීඩකයින්ව මෙවැනි පරිසරයක් තුළ දැඩි පුහුණුවක් කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකිවීම සතුටට කරුණකි.